Home උණුසුම් පුවත් සාදයකට ගිහින් එද්දී සිදුවූ අනතුරකින් එස්.අයි. මියයයි

සාදයකට ගිහින් එද්දී සිදුවූ අනතුරකින් එස්.අයි. මියයයි

0
සාදයකට ගිහින් එද්දී සිදුවූ අනතුරකින් එස්.අයි. මියයයි

කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලැබීමේ සතුට සමරමින් පැවති සාදයකින් අනතුරුව සිය නවාතැන් පොල වෙත ගමන් කරමින් සිටි පොලිස් නිලධරීන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් කන්තලේ දුම්රිය හරම් මාර්ගගයේ ගේට්ටු කණුවක වැදීමෙන් එහි ගමන් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් මිය ගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය. මෙම අනතුරින් තුවාල ලැබූ මෝටර් රථය පැදවූ පෙපාලිස් නිලධාරියාදද බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සදහන් කරයි. මෑතකදී පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට සූදානමින් සිටි 55 හැවරදි නිලධාරියෙක් මෙසේ මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here