Home උණුසුම් පුවත් අගමැතිගෙන් ගුරු සංගම්වලට කැඳවීමක් – ගුරු වර්ජනය හෙට අවසන්?

අගමැතිගෙන් ගුරු සංගම්වලට කැඳවීමක් – ගුරු වර්ජනය හෙට අවසන්?

අගමැතිගෙන් ගුරු සංගම්වලට කැඳවීමක් – ගුරු වර්ජනය හෙට අවසන්?

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සෘජු ස්ථාවරය ගුරු හා විදුහල්පති නියෝජිතයින්ට හෙට (12) දහවල් අගමැතිවරයා විසින් දැනුම් දීමට නියමිතය.

ආණ්ඩුවේ ස්ථාවර විසඳුම ප්‍රකාශයට පත් කිරීම සඳහා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින්ට හෙට දහවල් කොළඹ අරලියගහ මන්දිරයට පැමිණෙන්නැයි දැනුම් දී ඇති බවද වාර්තා වේ.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා සඳහා නිර්දේශ කිරීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ යෝජනා අනුව වැටුප් වැඩිවීම අදියර දෙකකින් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද දැනගන්නට තිබේ.

ඒ අනුව දින අනූ 94ක් පුරා පැවති ගුරු හා විදුහල්පති වැඩ වර්ජනය හෙට දිනයේ අවසන් වීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here