Home උණුසුම් පුවත් මහබැංකු අධිපති කලින් දැරූ ඇමති ධුරය ජනපති අවලංගු කරයි

මහබැංකු අධිපති කලින් දැරූ ඇමති ධුරය ජනපති අවලංගු කරයි

මහබැංකු අධිපති කලින් දැරූ ඇමති ධුරය ජනපති අවලංගු කරයි

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය අහෝසි කර තිබේ.

ඒ ඊයේ නිකුත් කරන ලද අංක 2248/35 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟිනි.

එම අමාත්‍යාංශය යටතේ පැවති කාර්යයන්‌ ප්‍රමුඛතා ආයතනික සහ නෛනික රාමුවට අයත් සියලු බලතල, යළි මුදල් අමාත්‍යාංශයට යටත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්‌ මෙම ගැසට්‌ නිවේදනය නිකුත්‌ කර ඇත.

මීට පෙර නොපැවැති එම රාජ්‍ය අමාත්‍ය ධුරය මෙවර පිහිටුවනු ලැබූ අතර එය දරන ලද්දේ වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසිනි. ඔහු මහබැංකු අධිිපති ලෙස පත්වීමට පෙර ඉන් ඉල්ලා අස්විය.

ඒ අනුව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය අහෝසි වනු ඇත.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/10/2248-35_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here