Home උණුසුම් පුවත් අශ්ලීල ප්‍රකාශනවලට වැට බඳින්න නව නීති සැකසේ

අශ්ලීල ප්‍රකාශනවලට වැට බඳින්න නව නීති සැකසේ

0
අශ්ලීල ප්‍රකාශනවලට වැට බඳින්න නව නීති සැකසේ

අශ්ලීල ප්‍රකාශන වලට එරෙහිව නීති දැඩි කරමිින් සකස්කර ඇති නීති කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ළමුන් හා කාන්තාවන් සම්බන්ධයන් අශ්ලීල ප්‍රකාශ අන්තර් ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල හුවමාරුවීම් සම්බන්ධයෙන් සැළකිල්ලට ගෙන 2020 සැත්තැම්බර් 21 වෙනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය ඊට වැට බැදීමට නව නීති හදුන්වා දෙමින් පවතින නීති ශක්තිමත් කිරීමට අවශ්‍ය නීති කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කළේය.

ඒ අනුව නිති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමැතිය ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here