fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉඩම් හබ ගැන කැබිනට්ටුව ගත් තීන්දුව

    ඉඩම් හබ ගැන කැබිනට්ටුව ගත් තීන්දුව

    ඉඩම් නඩු සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රමාදයන් හා ව්‍යාකූලතාවන් වළැක්වෙන අයුරින් වර්ථමානයට ගැළපෙන ලෙස බෙදුම් නඩු පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ගත් තීරණය මෙසේය.

    ඉඩමක සම අයිතිකරු‍වන්ගේ අදාළ ‍අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් අනවශ්‍ය ප්‍රමාදයන් හා ව්‍යාකූලතාවන් වැළැකෙන අයුරින් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා බෙදුම් නඩු නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා විසින් පත් කරනු ලැබ ඇති බෙදුම් නඩු නීති පිළිබඳ උපදේශක කමිටුවේ නිර්දේශ පදනම් කරගෙන දැනට පවතින බෙදුම් නඩු පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.