Home උණුසුම් පුවත් පැන්ඩෝරා පත්‍රිකා ගැන ජනපතිගෙන් නියෝගයක්

පැන්ඩෝරා පත්‍රිකා ගැන ජනපතිගෙන් නියෝගයක්

පැන්ඩෝරා පත්‍රිකා ගැන ජනපතිගෙන් නියෝගයක්

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ ‘පැන්ඩෝරා පත්‍රිකා’ නමින් ප්‍රකට වුණු වත්කම් සටහන්වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ .

අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඔහු මෙම නියෝග කර ඇත.

එම පත්‍රිකාව අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ පුරවැසියන් ගැන අධික ලෙස මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බව ජනමාධ්‍යයන්හි පළ වී තිබෙන බැවින් මේ තොරතුරු සම්බන්ධයෙන් අද (06) දින සිට මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ බව ලිඛිතව ද දැනුවත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here