Home දේශීය පුවත් සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ව්‍යාකූල වූ ගුරුමවගේ පොරෝ පහරින් බිළින්දිය මරුට

සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ව්‍යාකූල වූ ගුරුමවගේ පොරෝ පහරින් බිළින්දිය මරුට

0
සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ව්‍යාකූල වූ ගුරුමවගේ පොරෝ පහරින් බිළින්දිය මරුට

උපාධිධාරී ගුරුවරියක් අද දහවල් පොරොවකින් කොටා දින 50 ක් පමණ වයසැති සිය බිළින්දියව ඝාතනය කිරීමේ අනුවේදනීය සිදුවීමක් අනුරාධපුරයෙන් වාර්තාවේ.

ඇගේ සැමියාද උපාධිධාරියෙකි. නිසි රැකියාවක් නොමැතිව සිටින ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටීම නිසා දැඩිව මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටින ගුරුවරිය මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

තිස් හැවරදි වියේ පසුවන ගුරුවරිය සැමියා සමග පදිංචිව සිට ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේය. විශ්‍රාමික හෙදියක් වන ඇගේ මවත් ඔවුන් සමග සිටින බව සදහන්ය.

සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දරුවාගේ අනාගතය විනාශ වනු ඇතැයි ඇය නිතරම සිතමින් මානසික වියවුල් තත්තවයකට පත්ව සිට ඇත. ඒ නිසා බිළිලින්දිය සමග සියදිවි හානිකර ගැනීමේ අදහසින් ඇය දුම්රිය මාර්ගයටද ඊයේ ගොස් බොහෝ වේලාවක් දුම්රියක් පැමිණෙන තුරු බලා සිට ඇත. මේ දිනවල දුම්රිය ධාවනය නොවන බැවින් එම උත්සහය ව්‍යාර්ථ වී තිබේ.

අනතුරුව අද දහවල් ඇගේ මව දුරකතනයට රී ලෝඩ් කාඩ්පතක් රැගෙන ඒමට අසල වෙළද සැලකට ගිය අවස්ථාවේදී දරුවාගේ ගෙලට නිවසේ තිබුණු පොරොවකින් කොටා ඇය මහ පාරට පැමිණ බස් රථයකට ගොඩවී ඇතැයි පොලීසිය කියයි. එම බස් රථය අනුරාධපුුරයේ සිට ගල්නෑව බලා ධාවනය වන්නෙකි. ගල්නෑවෙන් බසයෙන් බැස නගරයේ ඇවිද යමින් සිටි ඇය ගල්නෑව පොලීසිය දැක පොලිස් ස්ථානයට ගොඩවී තමා දරුවාට පොරොවෙන් කෙටූ බව පවසා තිබේ. පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දෙමින් ඒ ගැන යම් සොයා බැලීමක් කර ඇයව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ අනුරාධපුර පොලීසිය මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here