Home උණුසුම් පුවත් සිසුන් 200 අඩු පළාත් පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 දා විවෘත කිරීමේ තීරණයක්

සිසුන් 200 අඩු පළාත් පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 දා විවෘත කිරීමේ තීරණයක්

0
සිසුන් 200 අඩු පළාත් පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 දා විවෘත කිරීමේ තීරණයක්

පළාත් සභා යටතේ පාලනය වන සිසුන් 200ට අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යාපන කටයුතු සදහා ඔක්තෝබර් 21 වනදා සිට විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරු තීරණය කර තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා මෙයට පෙර සැළසුම්කර තිබුණේ 18 වෙනිදාට ඌව පළාත් සබාවට අයත් 200 ට අඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමටය. ඒ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා තීන්දුවක් ගෙන තිබුණේ 21 වෙනිදාට 200 ට අඩු ළමුන් පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමටය.

ඒ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සියළුම පළාත් පාසල්වල ප්‍රාථමික අංශ 21 වෙනිදා විවෘත කිරීමට පොදු එකඟතාවක් ඇතිව තිබෙන බව ආරංචි මාර්ග සදහන් කළේය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පළාත් පාලන ආයතනවලද සහය ඇතිව පාසල් පිරිසිදු කිරීමටද ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇති බව සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here