Home උණුසුම් පුවත් ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි – ව්‍යාපෘති 4ක් අරඹයි

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි – ව්‍යාපෘති 4ක් අරඹයි

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි – ව්‍යාපෘති 4ක් අරඹයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී බහු ආංශික ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඵලදායි සාකච්ඡාවන්හි නිරත විය.

මේ අතර විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහ වාණිජ සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි ඒකාබද්ධ ව්‍යාපෘතීන් ඉදිරියට ගෙනයමින් පශ්චාත් වසංගත සමයේ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.

විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමඟ නිවාස සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘතීන් 4ක් විවෘත කළේය. කැබිනට් අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවන්ට සහභාගී වූහ. ඉන්දීය ආධාර යටතේ සම්පූර්ණ කරන ලද මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ ශක්තිමත් සහ බහු ආංශික සංවර්ධන සහයෝගීතා කළඹ සඳහා නිදසුන් සපයයි.

මේ අතර විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා ද්විපාර්ශවික සහයෝගීතාවය සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සමඟ නියෝජිත මට්ටමේ සුහද හමුවක් පැවැත්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here