තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙල්මට් නැතිව බයික් පැද්ද මන්ත්‍රීට නීතිය ක්‍රියාත්මක කරන්න ගිය පොලීසියට ප්‍රහාරයක්

    හෙල්මට් නැතිව බයික් පැද්ද මන්ත්‍රීට නීතිය ක්‍රියාත්මක කරන්න ගිය පොලීසියට ප්‍රහාරයක්

    හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ යාපනය කෝපායි ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතිවූ නොසන්දුන් තත්වයක් පාලනය කිරීමට පොලීසියට ඊයේ අහසට වෙඩි තැබීමට සිදුව ඇත.

    චුන්නාකම් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඌරණි හීදී කළ මාර්ග ආරක්ෂක රාජකාරියේදී හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් පදවමින් සිටි මන්ත්‍රීවරයාව කොටුවි තිබේ. එම රියදුරා මන්ත්‍රීවරයෙක් බව පොලීසිය දැන ඇත්තේ ඔහුව නතර කිරීමෙන් අනතුරුවය. ඊ.පී.ඩී.පී. යට සම්බන්ධ පුද්ගලයෙක් වන රියදුරාට දඩ පත්‍රිකාවක් ලබාදීමට සූදානම් වන අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමග බහින්බස් වී ඇති බව පොලීසිය කියයි. එම අවස්ථාවේදී ඔහුගේ ඥාතියෙක් බව සදහන් පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණ පොලීසිය සමග ගැටීමට පටන්ගෙන ඇති බවත් එම අවස්ථාවේදී තවත් පිරිසක් වටවී පොලිස් නිලධාරීන් දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමට පටන්ගෙන ඇති බවත් පොලීසිය කියයි.

    එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබමින් උපක්‍රමශීලීව පසු බැස අද අලුයම් කාලයේදී මෙහෙයුමක් දියත්කර මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සමග මුලින්ම ගැටුමට මුල්වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැති අතර ඔහු සැගවී සිටින බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img