Home උණුසුම් පුවත් එන්නත්කරණ කාඩ් නැතුව රට යන්න ගිය අනිල් ජාසිංහට වුණු දේ

එන්නත්කරණ කාඩ් නැතුව රට යන්න ගිය අනිල් ජාසිංහට වුණු දේ

0
එන්නත්කරණ කාඩ් නැතුව රට යන්න ගිය අනිල් ජාසිංහට වුණු දේ

දකුණු කොරියාවේ පැවත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනනේ රැස්වීමකට සහභාගිවීමට ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් එන්නත්කරණ කාඩ්පත රැගෙන නොපැමිණිම නිසා එය ඉදිරිපත්කරන තුරු කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේදී ගුවන් යානයට ගොඩවීමට අවසර ලබාදී නැත.

අතපසු වීමකින් එම කාඩ්පත ඔහු නිවසේ දමාගොස් තිබුණු අතර ඒ මහතාට ගුවන් යානයට ගොඩවීමට අවස්ථාව ලබාදී ඇත්තේ එන්නත්කරණ කාඩ්පතේ ඡායාරූපයක් තම ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඉදිරිපත්කිරීමෙන් අනතුරුවය.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්ගේ රැස්වීමට සහභාගිවීම සදහා මෙරටින් පිටත්ව යාමට ඊයේ ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදී ඔහු මෙම අකරතැබ්බට මුහුණ දී තිබේ.

දකුණු කොරියාවේ දී මෙම සමුළුව හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වෙන්නේ රටවල් 47 ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here