තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ මාසයේ සිට පාසල් ඇරේ

    මේ මාසයේ සිට පාසල් ඇරේ

    අදියර කිහිපයක්‌ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස්‌ මත මෙම මාසය තුළ පාසල්‌ ආරම්භ කිරිම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

    පාසල්‌ නැවත ආරම්භ කිරිම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන මහතා
    සහ පළාත්‌ ආණ්ඩුකාරටරු අතර සාකච්ඡා වට කිහිපයක්‌ පසුගිය දිනවලදී පැවැත්විණ.

    පළමු අදියර ආරම්භ කිරීම පිළිබඳ වූ නිගමනයට අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියළු පළාත්‌ ආණ්ඩුකාරවරු ඊයේ(02) දින එළඹිණ.

    එම සාකච්ඡාව අනුව යටිතල පහසුකම්‌ සැපයීම පිළිබඳව ආණ්ඩුකාරවරු විශේෂ
    අවධානයක්‌ යොමු කර ඇත.

    මේ වන විට කාලයක්‌ භාවිතයට නොගැනීම හේතුවෙන්‌ පාසල්‌ පරිශ්‍රය, පංතිකාමර, ඩෙස්‌ පුටු, උපකරණ අපවිත්‍රව හා අපිළිවෙලට ඇත.

    ඒවා යථා තත්ත්වයට පත්කිරිම සඳහා, ආරම්භ කිරිමට යෝජිත පාසල්‌හි පාසල්‌ පරිශ්‍රය, පංති කාමර, ඩෙස්‌ පුටු, උපකරණ පිරිසිදු කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පළාත්‌ ආණ්ඩුකාරවරුන්‌ මැදිහත්ව වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කරනු ඇත.

    සිසුන්‌ 200 ට අඞු පාසල්වල (1-5) ප්‍රාථමික ශ්‍රේණි, සිසුන්‌ 100 ට අඞු පාසල්‌වල සියළු ශ්‍රේණි හා තවත්‌ තෝරාගත්‌ නිරනායක කිහිපයක්‌ යටතේ පාසල්‌ 3000 ක පමණ ආරම්භය සිදුවනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img