විශ්ව ළමා දිනය මෙන්ම ජාත්‍යන්තර වැඩිහිටි දිනය ද අදට යෙදී තිබේ.
එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි. වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා ය.
ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ 1955 ඔක්තෝම්බර් මස 01 වැනිදා ය.
දියුණු රට වල වයස අවුරුදු 65ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් දියුණු වෙමින් පවතින අප රට වැනි රට වල අවුරුදු 60ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් ගණන් ගැනේ.
රටක ජනගහනය ප්‍රධාන කොටස් 03ක් යටතේ වර්ගීකරණය කෙරෙන අතර, උපතේ සිට වයස අවුරුදු 14 දක්වා ළමා ජනගහනය ලෙසත්, අවුරුදු 15ත් 59ත් අතර ජනගහනය ශ්‍රම බලකාය ලෙසත්, 60ට වැඩි ජනගහනය වියපත් ජනගහනය ලෙසත් සැලකෙයි.
ළමා ජනගහනය අනාගත නිෂ්පාදකයන් නියෝජනය කරයි. වර්තමානයේ සෘජුවම ආර්ථිකයට දායක වන්නන් ශ්‍රම බලකායයි. විශ්‍රාම යන වයස් වල පසුවන්නන් වියපත් ප්‍රජාවයි. වර්තමානයෙහි ළමා ජනගහනය අඩු වීමත්, වියපත් ජනගහනය ක්‍රමිකව වැඩි වීමත් දැකිය හැකිය. මෙයට ප්‍රධානම හේතුව වන්නේ උපතේදී ආයු අපේක්ෂාව වැඩි වීමයි.
වියපත් ජනගහනය තුළද වයස් කාණ්ඩ හදුනාගත හැකි අතර 60 – 70 වයස් කාණ්ඩය වියපත් ජනගහනයේ වැඩි පිරිසක් නියෝජනය කරයි. ඔවුන්ගේ බහුතරයක් තුළ මනා සෞඛ්‍යයක් ඇති අතර හොද කාර්යක්ෂමතාවක්ද පවතී.
අන් වයස් වල වියපත් ජනගහනයට සාපේක්ෂව මොවුන් ආර්ථිකයට ඵලදායී ලෙස යොදාගත හැකි පිරිසකි. මොවුන් රටට සම්පතක් ලෙස සිතා කටයුතු කළ යුතුයි. විශ්‍රාම යාමෙන් පසු බොහෝ වැඩිහිටියන් කිරීමට දෙයක් නොමැතිව මානසික පීඩනයෙන් පසු වීම නිසා බොහෝ විට රෝගාතුර වෙයි.
ළමුන් සහ වැඩිහිටියන් පිළිබදව කොතෙකුත් කතා කළද නිසි පිළිසරණක් නොමැතිව අසරණ වුණු ළමුන් සහ වැඩිහිටියන් ලොව සෑම තැනකම වෙති. ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් අප රටෙහිද වර්තමානය වන විට ළමුන් සහ වැඩිහිටියන්ගේ සුභසාධනය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇත.
අනාගතයේ භාරකරුවන් වන පුංචි දරුවන් මෙන්ම, දරුවන්ගේ ලොව ගොඩනැගුමට දහඩිය හෙළා ජීවිතේ සැදෑ සමය ගෙවනා වැඩිහිටියන්ටත් සුවපත් ජීවිතයක් අත්වේවායි අදට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනයේ සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී අපගේ පැතුමයි ..!