Home උණුසුම් පුවත් හෙට සිට යළිත් පෙර තිබූ සෞඛ්‍ය නීතිරීති වලංගුයි

හෙට සිට යළිත් පෙර තිබූ සෞඛ්‍ය නීතිරීති වලංගුයි

හෙට සිට යළිත් පෙර තිබූ සෞඛ්‍ය නීතිරීති වලංගුයි

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන හෙට(01) දිනයේ සිට රට පුරා ක්‍රියාත්මක වන්නේ පෙර නිකුත් කරන ලද සෞඛ්‍ය නිර්දේශම බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර දිනය වනවිට පැවති සෞඛ්‍ය මාර්ගෝපදේශය හෙට සිට වලංගු වනු ඇති බව හෙතෙම කීය.

ඉන් ඔබ්බට එම සෞඛ්‍ය මාර්ගෝපදේශයේ වෙනසක් වුව‍හොත් අද දිනය ඇතුළත එය නිකුත් කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළද පළාත් අතර සංචරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබුණි.

ඒ අනුව බස්රථ හෝ දුම්රිය පළාත් අතර ධාවනය සති දෙකක කාලයක් සඳහා සිදුනොවේ.

පළාත් තුළ ධාවනය වෙන ලංගම සහ පෞද්ගලික බස්රථ සුපුරුදු පරිදි ධාවනය කෙරෙනු ඇත.

බස්නාහිර වැනි දුම්රියෙන් වැඩි මගීන් ප්‍රමාණයක් යන ප්‍රදේශවල බස්රථ ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here