ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදු ළූණු වංචාව සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
ඒ අනුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වෙළද ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන්කරගෙන ඇත.
බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් පුවත් කැපුම් , සහ විද්‍යුත් මාධ්‍යවල පලවූ වීඩියෝ දර්ශන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඉදිරිපත්කර තිබේ. රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් පාරිභෝගික කටයුතු අධිකාරියේ කිසිදු කටයුත්තකට තමා මැදිහත්වීමක් සිදුකර නැති බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සදහන් කර ඇති බන්දුල ගුණවර්ධන මහතා එසේ තිබියදීත් තමාට හිටපු විධායක අධ්‍යක්ෂ චෝදනා එල්ලකර ඇතැයි පවසා තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ලංකා සතොස සතුව පැවැති සුදු ළූණු කිලෝ 54000 ක් අඩංගු කන්ටේනර් දෙකක් අඩු මිලට ව්‍යාපාරිකයෙක්ට ලබාදී නැවතත් එම ව්‍යාපාරිකයාගෙන් එම සුදු ළූණු තොගය ඉහළ මිලකට මිලදී ගැනීමක් ගැන හෙළිකර ගනු ලැබුවේ පාරිභෝගික අධිකාරිය විසිනි. ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කැලණිය කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පවත්වා සතොස ආයතනයේ මූල්‍ය සාමාන්‍යාධිකාරරීවරයෙක් සහ අදාල ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගත්තේය. ඒත් සමගම මෙම වංචාව හෙළිකරගත් පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරින් ඉල්ලා අස්වන්නට වූයේ ඇමතිවරු දෙදෛනෙක් තමාට බලපෑම් කරන බව සදහන් කරමිනි. එසේම ඔහු සදහන් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු සතොස වංචා සම්බන්ධයෙන් ලිපි ගොනුවක් ඉදිරිපත් කරන බවය.