තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්Interschool වට්ස්ඇප් පණිවුඩය බොරු - පොලිස් ලොක්කො ගැනත් පරීක්ෂණ

    Interschool වට්ස්ඇප් පණිවුඩය බොරු – පොලිස් ලොක්කො ගැනත් පරීක්ෂණ

    අයි එස් සංවිධානයට අයත් බව හඟවමින් Interschool නම් වට්ස්ඇප් සමූහයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව රාජ්‍ය බුද්ධි සේවය ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිය හා සාමය අමාත්‍යාංශ දැනුවත් කර තිබේ.

    2017 සිට සංසරණය වන මෙම ව්‍යාජ පණිවුඩය පිළිබඳව පසුගියදා නැවත වතාවක් බුද්ධි තොරතුරක් ලෙස හුවමාරුවීමට බලපෑ දැනට සමාජ මාධ්‍යයේ හුවමාරුවන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය- බොරැල්ල නිකුත් කළ ලිපියත්, ඒ ලිපිය නිකුත් කිරීමට බලපෑ හේතුත්, අදාළ බුද්ධි ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට යොමු වූ පසු නැවත නිලධාරීන්ට යොමු කිරීමේ දී හෝ ඉන් පසුව සමාජ මාධ්‍යට නිකුත් වූයේ ද යන්නත් අභ්‍යන්තර පරීක්ෂණයක් ඔස්සේ සොයා බැලීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව පොලිස් මූලස්ථානය අදාළ තොරතුර සම්බන්ධයෙන් අද දිනයේ නිවේදනයක් නිකුත් කරනු ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු නිව්ස්වේව් වෙත සඳහන් කළේය.

    මෙවැනි ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීමෙන් සැබෑ තොරතුරු සැඟවයාමේ අවදානමක් පවතින බව අදාළ ආරංචිමාර්ග නිව්ස්වේව් වෙත පෙන්වා දුන්නේය. අදාළ වට්ස්ඇප් පණිවුඩය ව්‍යාජ බවට තහවුරු කළ තොරතුරු පහතින් දැක්වෙයි. 

    මෙතැනින්

    තමන්ට කැමති ඕනම් අවස්ථාවක ඕනෑම WhatsApp සමූහයකින් ඉවත් වීමේ හැකියාව පවතී.  කිසියම් සමූහයකින් ඉවත් වීමෙන් පසුව වුවද, එම සමූහයේ ඔබ ඉවත් වීමට පෙර හුවමාරු වූ පණිවිඩද(Chat History) බැලීමේ හැකියාව ද ඇත. කිසියම් WhatsApp සමූහයකින් ඉවත් වීම සම්බන්ධයෙන් එම සමාජ ජාලයේ දී ඇති විධානය පහත පරිදි වේ.

     

    ඉහත සඳහන් ලිපිය පිළිබඳ වඩාත් ප්‍රචාරය වීමට ඒ පිළිබඳ පළවූ ෆේස්බුක් සටහන් ද බලපෑවේය.

    සයිබර් අවකාශයේ හුවමාරු වන තොරතුරු පිළිබඳ සත්‍ය අසත්‍යාව තහවුරු කරන Factcrescendo ආයතනය කළ විමසීමකදී ශ්‍රී ලංකා පරිගනක සංසදය (SL CERT) පවසා ඇත්තේ, මෙවැනි සමූහයන් සඳහා එකතු වීමේදී සහ ඉන් ඉවත් වීමේදී එම සමූහයේ නිර්මාණකරුට (Admin) ඔබ ඉන් ඉවත්වීම වළකාලනු නොහැකි බවයි.

    තවද, යම් පුද්ගලයෙකු මෙවැනි සටහන් දැකීමෙන් පසු ISIS ත්‍රස්ත කල්ලිය විසින් නිර්මාණය කළ සමූහයක් බවට හඟවා මෙනමින් නව සමූහයන් නිර්මාණය කොට ජනතාවට අනවශ්‍ය බියක් ඇති කරවීමට ISIS ත්‍රස්ත කල්ලිය විසින් හුවමාරු කර ගන්නා පණිවිඩ ලෙස ලැබීමට සැලැස්විය හැකි බැවින්, තමන් නොදන්නා කිසිදු සමූහයකට එකතු නොවන ලෙසත් තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේ පෞද්ගලික තොරතුරු තමන් නොදන්නා පිරිසක් සිටින නොදන්නා WhatsApp සමූහයකට යොමු කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ජනතාවට අනවශ්‍ය භීතියක් ඇති කිරීම සඳහා නිර්මාණය කර තිබෙන මෙම පණිවිඩය විදේශීය රටවලද WhatsApp සමාජ මාධ්‍ය ජාලාව භාවිතා කරන්නන් අතර සංසරණය වී තිබේ.

    එමෙන්ම ISIS සංවිධානය විසින් එනමින් WhatsApp සමූහයක් පවත්වා යන බවට තොරතුරු තහවුරු වී නොමැති බවද විදෙස් පරීක්ෂක කණ්ඩායම් පවා තහවුරු කර ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img