Home උණුසුම් පුවත් ඥානසාර හිමිට එරෙහිව මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

ඥානසාර හිමිට එරෙහිව මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

ඥානසාර හිමිට එරෙහිව මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඊයේ (25) පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

පෞද්ගලික මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මුස්ලිම් ජාතිකයින්ට අපහාසාත්මක අයුරින් අදහස් දැක්වීමට එරෙහිව මෙම පැමිණිල්ල කර ඇතැයි වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සිදුකළ කණ්ඩායම එම මෙහෙයුමට සම්බන්ධ වීම පිටුපස ඇති අරමුණු ‘අල් කුර්ආනයේ ඉගැන්වීම්’ බවත් උන්වහන්සේ පැවසූ බවත් ඒ අනුව ඥානසාර හිමියන් දෙවියන් වහන්සේට අපහාස කිරීම, මුස්ලිම්වරුන් කෝපයට පත් කළ බවත් පැමිණිල්ලේ සඳහන් වන බව ද වාර්තා වේ.

එච්.එම්.එම්. හරීස්, ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, එම්.එස්. තව්ෆික්, අලිසබ්‍රි රහීම්, මුෂාරෆ් මුදුනාබින් සහ අයිසැක් රහුමාන් යන මන්ත්‍රීවරු විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here