ලබන මාසය (ඔක්තෝබර්) අවසන්වීමට පෙර පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
ඔක්තෝබර් මාසයේ පාසල් යළි ආරම්භ කළහොත් දෙසැම්බර් නිවාඩුව ලබාදීම අවශ්‍ය නොවන බවද ලේකම්වරයා පැවැසීය
දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වර්ජනය මධ්‍යස්ථ තැනකට පැමිණිය යුතු බවත් රාජකාරී සඳහා පැමිණෙන ලෙසත් ගුරුවරුන් නොමැතිව මෙය සිදු කළ නොහැකි බවද ඔහු කියාසිටියේය.
පාසල් විවෘත කිරීමට අදාළ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇතැයි වාර්තා වන අතර එහි අංශ කිහිපයක් යළි සළකා බැලීමට නියමිතය.
පාසල් සඳහා කිසිදු පහසුකමක් ලබා නොදී ගුරුවරුන්ගේ වියදමින් සබන් සනීපාරක්ෂක පහසුකම් සපයා ගියවර පාසල් නඩත්තු කටයුතු සිදු කරන ලදී. ගුරු ගැටලු නොවිසඳුණු පසුබිමක පහසුකම් සපයා නොමැති අවස්ථාවක සුළු වැටුපක් ලබන ගුරුවරුන්ට මේ සඳහා මෙවර මූල්‍ය දායකත්වයක් ලබා දීමට නොහැකි පසුබිමක රජය ගන්න ක්‍රියා මාර්ග මොනවාද?