තවත්
    මුල් පිටුවspecialරජුන්ට පමණක් උරුම ටියුලිප් මල් ආගමනය

    රජුන්ට පමණක් උරුම ටියුලිප් මල් ආගමනය

    සටහන – නුවන් සේනාරත්න

    ටියුලිප් මල් ගැන අහල නැති කෙනෙක් නැති තරම්. විවිධ පාට වලින් පිපෙන ටියුලිප් මල් ලෝකයේ තියෙන අලංකාරම මල් විශේෂයක්.

    ටියුලිප් මල් වල ප්‍රධාන කුලයන් 150ක් පමණ තිබෙනවා. මේ කුල 150ට අයත් ප්‍රභේද 3000ක් පමණ තිබෙනවා.

    ඉන් ඇතම් ප්‍රභේද ස්භාවිකම පිහිටි ප්‍රභේද වෙනවා ඒත් ඇතැම් ඒවා මිනිසා පසුකාලීනව නිපදවූ ප්‍රභේද වෙනවා. සාමාන්‍යයෙන් මාර්තු සිට මැයි දක්වා ටියුලිප් මල් පිපිදීම දැකගන්න පුලුවන් වෙනවා.

    ඇතැමුන් ටියුලිප් මල් ආදරයේ සංකේතයක් විදිහට සලකනු ලබනවා. ඒත් ටියුලිප් වල විශේෂත්වය වන්නේ එක් එක් වර්ණයට විශේෂිත අර්ථයක් තිබීමයි. උදාහරණයක් විදිහට සමාන්‍යයෙන් රතු වර්ණයෙන් කියැවෙන්නේ ආදරයයි.

    ඒ අනුව සුදු පැහැයෙන් සමාව දීමත්. කහ පාටින් උද්යෝගීමත් බවත් දම් පැහැයෙන් රාජකීයත්වයක් කියැවෙනවා. (බොහෝ වෙලාවට දම් පැහැය පුරාථනයෙන් සිටි රාජකීයන්ට පමණක් උරුමු වූ වර්ණයක් වෙනවා ඒ ගැන සම්පූරණ ලිපයේ පහතින් )

    විවිධ වර්ණ වල ටියුලිප් මල් දැකගන්න ලැබුනත් සත්‍ය නිල් පැහැයෙන් යුත් ටියුලිප් මල් දැගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙට ඇත්තේ ඉතාමත් ලා දම්පැහෙයෙන් යුත් නිල් පැහැයට ඉතාම ආසන්න ටියුලිප් මලුයි.

    ටියුලිප් මල් වාණිජමය වශයෙන් වගාකරණ මල් විශේෂයක්. ඒ සඳහා වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ නෙදර්ලන්තයයි.

    ලෝකයේ සමස්ථ මල් වගාවෙන් 60%කට පමණ හිමිකම් කියන්නේ නෙදර්ලන්තයයි.

    දළ වශයෙන් නෙදර්ලන්තය වසරකට ටියුලිප් මල් බිලියන තුනකට අධික ප්‍රමාණයක් අපනයනය කරනවා.

    මේ නිසාම නෙදර්ලන්තයේදී කිලෝමීටර් ගණනාවක් දුරට විහිදුණු ටියුලිප් වගාවන් දැකගන්න ලැබෙනවා.

    ඒ වගේම සෑම වසරකම වසන්ත සමයේදී නෙදර්ලන්තයේ ටියුලිප් සැනකෙලියක් පැවැත්වෙනවා.

    එම සැනකෙලිය ඈම්ස්ටර්ඩෑම් අගනුවරට ආසන්නයේ පිහිටි කෙවුකන්හෝෆ් (Keukenhof) උද්‍යානයේදී ඉතා අලංකාරවත්ව පැවැත්වෙනවා.

    අක්කර 79ක වපසරියකින් යුත් මේ උද්‍යානයේදී විවිධ වර්ණ වලින් යුත් ටියුලිප් මල් ලක්ෂ ගණනක් දැකගන්න අවස්ථාව ලැබෙනවා.

    ටියුලිප් මල් සහ නෙදර්ලන්තය අතර ඉතා සමීප සම්බන්ධතාවක් පැවතුනත් ටියුලිප් මල් වල තිඹිරිගෙය නම් නෙදර්ලන්තය නොවෙයි.

    ටියුලිප් මල්වල නිජබිම වන්නේ කසකස්ථානයයි.

    16 වන සියවස වන විට එම ප්‍රදේශය ඔටමන් අධිරාජ්‍යයාගේ පාලනය යටතේයි පැවතුනේ.

    එවකට ඔටමන් අධිරාජ්‍යය පාලනය කරනු ලැබුවේ සුලෙයිමාන් සුල්තාන්වරයා විසිනුයි. ඔහු ටියුලිප් මල් දැකීමත් සමඟ ඊට දැඩි ඇල්මක් දැක්වීමට පටන්ගන්නවා. මේ නිසාම ඔහු ටියුලිප් මල් තුර්කයේද වගාකිරීමට පියවරගෙන්නවා.

    ඒත් ටියුලිප් වගාකිරීමට අවසර ලැබෙන්නේ අධිරාජ්‍යයේ මාලිගයේ සහ ප්‍රභූවරුන්ගේ නිවෙස්වල පමණයි.

    මේ නිසාම ටියුලිප් මල් ප්‍රභූවරුන්ට පමණක් වෙන්වූ මලක් බවට පත්ව තිබුණා.

    ටියුලිප් මල් බලය නිරූපනය කිරීමේ සංඛේතයක් විදිහටද භාවිතා කෙරුනා. ඒ නිසාම සුලෙයිමාන් සුල්තාන්වරයා සිය තලප්පාවේදී ටියුලිප් මල් පැලදීමට පුරුදුව සිටියා.

    ටියුලිප් කියන නම පර්සියානු භාෂාවෙන් බිදී ආ වචනයක් විදිහටයි සැලෙකෙන්නේ. පර්සියානු බසින් තලප්පාව හදුන්වා ඇත්තේ ටුලිපාන් ලෙස බවටයි සැලකෙන්නේ.

    මේ අතර ඔටමන් අධිරාජ්‍යා විසින් ඔටමන් අධිරාජ්‍යයේ සිටි වියානාවේ තනාපතිවරයා වු (වර්තමානයේ ඔස්ටි්‍රයාව) Ogier Ghiselin de Busbecq හට ටියුලිප් මල් තෑගි කර තිබෙනවා.

    ඔටමන් අධිරාජ්‍යාගෙන් තෑග්ගක් ලෙස ලැබුනු ටියුලිප් මල් Busbecq විසින් ඔස්ට්‍රියානු අධිරාජ්‍යයාගේ රාජකීය උද්‍යාන භාරකරු වූ Carolus Clusius හට ලබාදී තිබෙනවා.

    පසුව 1593දී ක්‍කමිසමි නෙදර්ලන්තයේ ලයිඩන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස සේවයට එක්වෙනවා. එහිදී ඔහු හොර්ටස් බොටැනිකස් උද්භිත උද්‍යානයේ පාලකයා බවටද පත්වෙනවා.

    ඒ අනුව ඔහු එම උද්‍යානයේ ටියුලිප් මල් වගාකිරීම ආරම්භ කරනවා. මුල් කාලයේදී ටියුලිප් මල් නෙදර්ලන්තයට අලුත්ම අත්දැකීමක් වුනා. ඒ නිසා බොහෝදෙනෙක් මේ සුන්දර මල් දැක ගැනීමට උද්‍යානයට පැමිණෙන්න පටන්ගත්තා.

    මේ අතර ක්‍රිස්තුවර්ෂ 1634 ත් 1637ත් අතර කාලයේදී නෙදර්ලන්තය තුල ටියුලිප් සඳහා අධික ඉල්ලුමක් නිර්මානය වුනා. එයට ටියුලිප් උන්මාදය යනුවෙන්ද හදුන්වනු ලබනවා.

    මේ කාලයේදී ටියුලිප් ඉතා අධික මිලකට අලෙවි වුනා. ඉතිහාස සටහන් වලට අනුව එවකට එක් ටියුලිප් මලක් නෙදර්ලන්තයේ ඈම්සටර්ඩෑම් වල නිවසක වටිනාකමකට සමාන වී තිබෙනවා.

    ඒත් 1637දී මේ ටියුලිප් සඳහා තිබුණු අධික ඉල්ලුම හිටි හැටියේම පහත ගියා. ඒත් ඒ වන විට ඇතැමෙක් ටියුලිප් විකිණීම නිසා අධික ධනවතුන් බවටත් තවත් සමහරෙක් අන්ත දුගීන් බවටත් පත්ව තිබුනා..

    ඇත්තටම අදවෙන කොට මේ ටියුලිප් උන්මාදය ආර්ථික බුබුලක් හැදින්වීමේ උපමාවක් බවටද පත්ව තිබෙනවා.

    මේ අතර දෙවන ලෝක යුද්ධයත් සමඟ නෙදර්ලන්තයේ ඇතිවූ ආහාර හිඟය හේතුවෙන් බොහොමයක් ජනතාව ටියුලිප් මල් වල මූල පද්ධතියේ හටගැනෙන බල්බ (මෙය ලූණු ගෙඩියකට සමානයි) ආහාරයටද ගෙන තිබෙනවා.

    ඒ වගේම ටියුලිප් බල්බ ලූණු වලට සමාන රසකින් යුක්ත බවටයි පැවසෙන්නේ. ඒත් ඇතැම් පුද්ගලයින්ට මේවා ආහාරයට ගැනීමෙන් ආසාත්මිකතා ඇති වී තිබෙනවා.

    ඒ කොහොම වුනත් මේ කිසිම දෙයකට ටියුලිප් මල් වල සුන්දරත්වය අඩු කරන්න නම් හැකියාවක් ලැබිලා නැහැ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img