තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වරායේ හිරවුණු අත්‍යවශ්‍ය ආහාර වහාම නිදහස් කරන්න- අගමැති

    වරායේ හිරවුණු අත්‍යවශ්‍ය ආහාර වහාම නිදහස් කරන්න- අගමැති

    වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර දව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) දින රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී නියෝග කර ඇත.

    රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය ලබා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මෙසේ නිදහස්වන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය අහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි ද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී දැනුම් දී තිබේ.

    සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත්කිරීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම නිලධාරින් විසින් දැරිය යුතු බවට ද මෙම හමුවේ දී අවධාරණය කෙරුණු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img