ලෙබනනයේ අගනුවරවන බීරූට්වල අද දිනයේ වු විශාල පිපුරුම මෙතෙක් කුමන ආකාරයක පුපුරුණ ද්‍රව්‍ය පිපිරීමක්ද යන්න ප්‍රකාශ කිරීමට එරට බලධාරින් මේ දක්වා අපොහොසත්වී ඇත.

අගනගරයේ වරායට නුදුරින් සිදුවු මෙම පිපුරුමෙන් මේ වනවිට 10 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. මෙසේ මියගොස් ඇති ගණන තවත් ඉහළ යා හැකි බව විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.
මේ වනවිට මෙම පිපුරුමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස්, සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට රජයේ මූලාශ්‍ර තහවුරු කර තිබේ.
මෙම පිපිරීමත් සමග අගනුවර පුරා කම්පන තරංග (shockwaves) පතුරවා, ජනේල සුනුවිසුනු කර, නිවාස බැල්කනි කඩා වැටීමට හේතු වූ බව එය අත්විදි ජනතාව ප්‍රකාශ කර ඇත. මේ අතර පිපුරුම වන ආකාරය ගොඩබිම සහ මුහුදේ සිට වීඩියෝගත කිරීමට හැකිව තිබේ. එමගින් එම පිපුරුමේ විශාලත්වය පෙන්නුම්කෙරෙන බව ආරක්ෂක අංශ සදහන් කරයි.

වසර ගණනාවකින් බීරූට් වලට බලපෑ බලවත්ම පිපිරීම වන මෙමගින් පොළොව දෙදරුම් දෙද්දී, සමහර නිවැසියෙක් භූමිකම්පාවක් යැයි උපකල්පනය කළහ. සමහරු තුවාල ලැබූහ. බියෙන් තැතිගත් සමහරු, සමීපතමයින්ට තුවාල සිදුවී ඇත්දැයි බැලීමට පාරවල් දිගේ ඇවිද ගියහ.
මෙම පිපිරීම සිදුව ඇත්තේ නගරයේ වරාය ප්රදේශයේ වන අතර එහි ගබඩා නිවාස පුපුරණ ද්රව්ය තිබී ඇති බව ලෙබනනයේ රාජ්ය පුවත් ඒජන්සිය සහ ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. වෙනත් ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේ එම ප්රදේශයේ රසායනික ද්රව්ය ගබඩා වී ඇති බවයි.
සමාජ මාධ්යවල නිවැසියන් විසින් බෙදාගන්නා ලද පිපිරුමේ වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ වරාය දිස්ත්රික්කයෙන් දුමාරයක් ඉහළ යන අතර ඉන් පසුව දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බවයි. මුලදී විශාල ගින්නක් ලෙස පෙනෙන දේ රූගත කළ අය පිපිරුමේ කම්පනයෙන් පසුපසට විසිවෙයි.
ජනාධිපති ධුරයේ ට්විටර් ගිණුමට අනුව ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් රටේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවීය.
පිපිරීමට හේතුව කුමක්ද යන්න හෝ ගබඩාවල ඇති පුපුරණ ද්රව්ය මොනවාද යන්න දැනට පැහැදිලි නැත.
වරාය ප්රදේශයේ සංචාරය කරමින් ලෙබනනයේ අභ්යන්තර ආරක්ෂක ප්රධානී අබ්බාස් ඉබ්රාහිම් කියා සිටියේ තමන් පූර්ව පරීක්ෂණයක් සිදු නොකරන බවයි. ඊශ්රායල නිලධාරියෙකු පැවසුවේ ඊශ්රායලයට පිපිරීම සමග කිසිදු සම්බන්ධයක් නැති බවයි.
බීරූට් වරායේ ප්‍රධානියා ස්කයි නිව්ස් වෙත පැවසුවේ පිපිරීමෙන් පසු එම ස්ථානයේ සිටි ගිනි නිවන භටයන් කණ්ඩායමක් “අතුරුදහන්” වී ඇති බවයි.
