Home උණුසුම් පුවත් කොටි සැමරුමකට සැරසුණු මන්ත්‍රීවරයෙක් යාපනයේදී අත්අඩංගුවට

කොටි සැමරුමකට සැරසුණු මන්ත්‍රීවරයෙක් යාපනයේදී අත්අඩංගුවට

0
කොටි සැමරුමකට සැරසුණු මන්ත්‍රීවරයෙක් යාපනයේදී අත්අඩංගුවට

උපවාසයකින් මියගිය එල්.ටී.ටී.ඊ. ප්‍රබලයෙක් වන තිලීපන් සැමරීමට සූදානම් වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ගජේන්ද්‍රන් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

යාපනය නල්ලූර් කෝවිල අසලදී මෙම තිලිපන් සැමරුම් උත්සවය සංවිධානය කර තිබී ඇත.

1987 වසරේ සැත්තැම්බර් 15 වෙනිදා යාපනය විශ්වවිද්‍යාල ඉදිරිපිට උපවාසයක නිරත වෙමින් සිටී තිලීපන් දින 11කට පසු මියගියේය. උපවාසයක නිරත වී මියගිය පළමු එල්ටීටීඊ සාමාජිකයා ලෙස සැලකෙන්නේ තිලීපන්ය. වාර්ෂිකව තිලීපන් සැමරුම් උතුරු හා නැගෙනහිර පළාත් ආශ්‍රිතව සිදුවේ. එම සැමරුම් වැළැක්වීම සඳහා පොලිසිය අධිකරණයෙන් වාරණ නියෝග පවා ලබා ගනී.

තිලීපන් උපවාසය ආරම්භකල 15 වෙනිදා සිට මියගිය දිනය වූ 26 දක්වා මෙම සැමරුම සිදුකරයි. මෙවර යාපනයේ තිලීපන් සැමරුම ආරම්භ වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්දු කුමාර පොන්නම්බලම් මහතාගේ ප්‍රධානත්වයෙන් බව යාපනය පොලිසිය සදහන් කරයි.

පොලීසිය අද මෙම සැමරුමට එ⁣රෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. යාපනය පොලිසිය සඳහන් කරනු ලැබුවේ තිලීපන් සැමරුමට එරෙහිව අධිකරණ නියෝගයක් තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දුන් මහතා තවත් කිහිප දෙනෙක් සමග එම ස්ථානයට පැමිණ සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ අත් අඩංගුවට ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here