තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයනය කිරිපිටි මිල වැඩි කළොත් දේශීය කිරිපිටිත් වැඩිකරන්නැයි ඉල්ලයි

    ආනයනය කිරිපිටි මිල වැඩි කළොත් දේශීය කිරිපිටිත් වැඩිකරන්නැයි ඉල්ලයි

    ආනායනික කිරි පිටි මිල වැඩි කරනවා නම් දේශීය කිරි පිටි මිලත් වැඩි කළ යුතු බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ පවසයි.

    එහෙත් අමුද්‍රව්‍ය මිල ඉහළ යද්දී ද මිල වැඩිකිරීමක් ‍නොඉල්ලා සිටි නමුත් ආනයනික කිරිපිටි මිල වැඩි කිරීම හමුවේ දේශීය කිරි කර්මාන්තය බරපතළ අර්බුදයකට පත්වන බැවින් මෙම ඉල්ලීම කරන බව ඔහු කියාසිටි.

    ජනතාව දියර කිරි පරිභෝජනය ඉහළ වැයක් සිදුවන බව සිතුවද සැබෑ තත්ත්වය එය වඩා ලාබදායී බව ඔහු සඳහන් කරයි.

    ඔහු පවසන්නේ කිරිපිටි කිලෝවකින් තේ කහට සමඟ 2/3ක් තේ කහට සමඟ කිරියොදා මිලිලීටර් 180ක කිරි වීදුරු 40ක් සාදාගත හැකි බවයි.

    ඒ අනුව දියර කිරි එම පරිමාණයෙන්ම තේ කහට 2/3ක් සමඟ මිලිලීටර් 180ක කිරි වීදුරු 40ක් සාදාගැනීමට යන්නේ කිරි ලීටර් 2 1/2ක් බව ද ඔහු කියාසිටී.

    ඒ අනුව කිරිපිටි කිලෝවකට යමකු රුපියල් 1000ක් වැය කරන්නේ නම් එම ප්‍රමාණයට සාදාගැනීමට දියර කිරිවලට වැයවන්නේ රුපියල් 500ක් වැනි මුදලක් බව ද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ රජයේ දිරිගැන්වීම මත මිල්කෝ සමාගම පසුගිය වසර 2 තුළ කාර්යක්ෂමතාව වැඩිකොට සැපයුම වැඩිකරමින් ලාබ ලබන ආයතනයක් බවට පත්කිරීමට හැකිවූ බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img