තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද මැතිසබේ වෙන්න යන දේ

    අද මැතිසබේ වෙන්න යන දේ

    මන්නාරම් ද්‍රෝණියේ තෙල් නිධිය කැණීම, රසායනික පොහොර ආනයනය,අත්අඩංගුවට නොගත් වරෙන්තුකරුවන් ආදිය පිළිබඳ හා පනත් 6ක් යටතේ වන නියෝග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව අද (21) පෙ.ව 10.00 රැස්වීමට නියමිතය.

    අද පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

    පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා පහත දැක්වෙන පනත් රෙගුලාසි විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.

    1. සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්,
    2. වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05 ක්,
    3. විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක්,
    4. විදේශ විනිමය පනත යටතේ නියෝග ත්‍රිත්වයක්,
    5. විදේශ විනිමය පනත යටතේ නියමයක් සහ
    6. ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි

    ඉන්අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇත.

    ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

    අද දිනයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරුන්ගෙන් ඇසීමට නියමිත ප්‍රශ්න පහත දැක්වේ.
    1631874833037831

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img