Home දේශීය පුවත් ලොහාන්ටත් ජගත්ටයි වෙන්නේ මොනවද? තීන්දුව අගමැති පැමිණි පසු

ලොහාන්ටත් ජගත්ටයි වෙන්නේ මොනවද? තීන්දුව අගමැති පැමිණි පසු

0
ලොහාන්ටත් ජගත්ටයි වෙන්නේ මොනවද? තීන්දුව  අගමැති පැමිණි පසු

බන්ධනාගාරය සිදුවීම මුල්කරගෙන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සහ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක්ව මාධ්‍ය හමුවක් කැදවා විවේචනය කළ පාරිලමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ නායක වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු තීරණය කිරීමට අවධානය යොමු ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සිය පක්ෂයේම කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක්ව දැඩිව විවේචනය කිරීම හේතුවෙන් පක්ෂයෙන් වැඩි පිරිසකගේ අදහස වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තොරතුරු සදහන් කරන්නේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.

පාදුක්ක ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජගත් කුමාර මන්ත්‍රීවරයා ඔහුගේ අනුදැනුම නොමැතිව පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීමක් ලබාදී වෙනත් නිලධාරියෙක් පත්කළ බවට ඇමතිවරුන් වන විශ්‍රාමික රියර්අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සහ ගාමිණි ලොකුගේ මහත්වරුන්ව දැඩිව විවේචනය කරනු ලැබීය.

බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සිරකරුවන්ගේ සුබ සාධන කමිටුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල පදනම්කරගෙන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භකරන්නැයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට ඉකුත් 17 වෙනිදා උපදෙස් දී තිබුණි.එහෙත් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් කිසිදු උපදෙසක් ලැබී නැතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here