සතොස ආයතනයේ කුරුණෑගල ප්‍රාදේශීය කළමනාකාර එරංග ඒකනායකගේ වැඩ තහනම් කර තිබේ.
පෙරේදා (16) දිනයේ මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ කුරුණෑගල සතොස තොග ගබඩාවට පසුගිය 14 දා බීමතින් කඩාවැදී සේවකයන්ට බැන තර්ජනය කර අනිසි ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ඔහු විසින් මීට පෙර ද සේවකයන්ට මෙන්ම නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදීම්, තර්ජනය කිරීම්, රාත්‍රියේ බනවැදීම්, දුරකථන ඇමතුම් දී පරිභව කිරීම් ආදි කරුණු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අවවාද ලිපි ලද අයෙකි.
එමෙන්ම තමාගේ වතුර බිල් සතොස ආයතනය මගින් ගෙවීමට පුද්ගලයන්ට බලකිරීම්, සේවකයින්ට පහරදීම් පමණක් නොව දැනට විමර්ශනයක් ක්‍රියාත්මක වන කාන්තා නිලධාරිනියකට දුරකථන ඇමතුම් දී අසැබි වචන කීම් හා සමාජ ජාල ඔස්සේ ඇයට අපහාස කිරීම ආදි වැරදි සඳහා ද නීතිය හමුවේ චෝදනා එල්ල වූ අයෙකි.
එපමණක් නොව සතොස ආයතනය සම්බන්ධ වැරදි ප්‍රචාර යැවීම හා ඊට සේවකයින් යොදාගැනීම, උද්ඝෝෂණ සිදුකිරීම හා චක්‍රලේඛ උල්ලංඝනය කිරීම් ද මොහු විසින් සතොස ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස 2012 සම්බන්ධ වූ දා සිට මේ දක්වා වරින වර කරන ලද බවට අවවාදාත්මක ලිපි හා චෝදනා ලබා ඇති පුද්ගලයෙකි.