ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටින පාසැල් ගුරුවරුන් හට එය නවතා දමන ලෙසට යම් පුද්ගලයකු විසින් කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ් බව සෘජුව දැනුම් දෙන්නැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
එම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථනය දැනුම් දෙයි.
එමෙන්ම අවශ්‍ය නම් 119 දුරකථන අංකයටද දැනුම්දිය හැකි අතර එසේ නොමැති නම් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත පැමිණිලි කල හැකිය.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව, නිවැරදිව හා ඉතා තඳින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාර් (විශ්‍රාමික) ආචාර්ය සරත් විරසේකර මහතා විසින් පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
එබැවින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම වරදක් වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ අවධානය යොමු කොට කටයුතු කරනු ඇති බව ද පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.