තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති නිල නිවසේ සිට රෝහල් වැසිකිලියට ආ බෝම්බය

    ඇමති නිල නිවසේ සිට රෝහල් වැසිකිලියට ආ බෝම්බය

    නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියේ ඇටවූ බෝම්බය තමාට ලැබුණේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිවසක් අලුත් වැඩියා කිරීමකදී බව ඒ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිටින සැකකාර තරුණයා ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත.

    එම නිවස රජයේ නිල නිවසක් බවත් එය මේ වන විට වෙන්කර ඇත්තේ ඇමතිවරයෙකුට බවත් එම ස්ථානයට ගිය පරීක්ෂණ පවත්වන අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

    මෙම තරුණයා සේවය කරන්නේ කොන්ත්‍රාත් සමාගමකය. බෝම්බය හමුවූයේ යැයි කියනු ලබන රජයේ නිල නිවාසය අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ එම සමාගම විසිනි. මාස දෙක තුනකට පෙර එම නිවස අලුත් වැඩියා කිරීමේ කටයුත්තට මෙම තරුණයා සමග කිහිප දෙනෙක් යොදවා සිට ඇතිබව සදහන්ය.

    එහිදී මෙම සැකකාර තරුණයා සමග සේවයේ යොදවා සිටි මහව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් නිවසේ තිබුණු මේස ලාච්චුවක් පරීක්ෂා කිරීමේදී තිබුණු මේස ලාච්චුවක තිබී මෙම බෝම්බයට අමතරවපතොරම් තොගයක් ද හමුවූ බව සැකකාර තරුණයා පවසා ඇත.

    විජේරාම මාවතේම පිහිටි තට්ටු ගොඩනැගිල්ලක එම වකවානුවේ නවාතැන් ගෙන සිටි බව කියන ඔහු බෝම්බයත් පතොරම් තොගයත් එහි සැගවා තිබේ. අනතුරුව එම බෝම්බය සහ පතොරම් විකුණා දැමීමටද උත්සහ ගත් බවත් එය අසාර්ථක වූ තැන මහව සිටින මිතුරා පතොරම් තොගය රැගෙන ගිය බව ද සැකකරු පවසා ඇත.

    ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම පුද්ගලයාව සොයා කුරුණෑගල බලා ඊයේ පිටත්ව ගොස් තිබුණි. එසේම මොහු මෙම බෝම්බය සහ පතොරම් අලෙවි කිරීම කතාබහ කළේයැයි කියන කිහිප දෙනෙක් ගැනද තොරතුරු අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img