Home උණුසුම් පුවත් ස්විස් ගුවන් සේවාව යළි ශ්‍රී ලංකාවට

ස්විස් ගුවන් සේවාව යළි ශ්‍රී ලංකාවට

ස්විස් ගුවන් සේවාව යළි ශ්‍රී ලංකාවට

ලබන නොවැම්බර් 04 සිට ස්විට්සර්ලන්ත ජාත්‍යන්තර ගුවන් සේවය නැවතත් එරට සූරිච් හි සිට බණ්ඩාරනායක ගුවන්තොටපොළ දක්වා සිය ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව සේවයේ යෙදවෙන ගුවන් යානා 2ක් සති දෙකකට වරක් ශීත කාලසටහන යටතේ නොවැම්බර් (04) සිට පිළිවෙලින් සිකුරාදා සහ ඉරිදා දිනවල කොළඹට පැමිණෙනු ඇත.

මෙම ගුවන් සේවාවන් නැවත ආරම්භ කිරීමත් සමඟ යුරෝපයෙහි සංචාරය කිරීමට කැමති සියලු ම ශ්‍රී ලාංකිකයන්ට ස්විට්සර්ලන්ත ජාත්‍යන්තර ගුවන් සේවයේ සේවාවන් නැවතත් ලබාගැනීමට අවස්තාව හිමි වන බව ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා (පුද්ගලික) සමාගම (ඒඒඑස්එල්) පවසයි.

යුරෝපා සංගමයෙන් පිටත සිට කොවිඩ් එන්නත් කරනය සිදුකරන ලද පුරවැසියන්ට නිරෝධායනයකින් තොරව නැවත ස්විට්සර්ලන්තයට මේ ඔස්සේ පැමිණිය හැකිවේ.

එමෙන් ම ලංකාවෙන් පැමිණෙන මගීන්ට ද සාමාන්‍යයෙන් නැවත ස්විට්සර්ලන්තයට ඇතුළුවීමට හැකි වන අතර, ඔවුන්ට පූර්ණ COVID-19 එන්නත් සහතිකයක්, කොවිඩ් -19 ආසාදනයෙන් පූර්ණ සුවය ලබා ගැනීම හෝ PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා දීමෙන් කොළඹ සිට ස්විට්සර්ලන්ත ජාත්‍යන්තර සේවයෙහි ගමන් කළ හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here