Home දේශීය පුවත් උපෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට පාසල් 2677 කින් අය දුම්පත් ඉදිරිපත්වී නැහැ

උපෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට පාසල් 2677 කින් අය දුම්පත් ඉදිරිපත්වී නැහැ

0
උපෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට පාසල් 2677 කින් අය දුම්පත් ඉදිරිපත්වී නැහැ

මෙවර පැවැත්වීමට නියමිත 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පාසල් 2677 ක් කින් මෙතෙක් දරුවන් වෙනුවෙන් අයදුම්පත් අයැදුම්පත් ඉදිරිපත් වී නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සඳහා අයදුම්පත් භාර ගන්නා භාරගන්නා අවසාන දිනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ශිෂ්‍යත්ව විභාගයට පාසැල් 3283 කින් දරුවන් ඉදිරිපත් කරන අතර මෙතෙක් එම පාසැල් අතරින් අයදුම්පත් ලැබී ඇත්තේ පාසල් 944 කින් පමණක් බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

එසේම උසස් පෙළ විභාගයට පාසල් 354 කින් දරුවන් වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කෙරුණත් මෙවර එම අයදුම්පත් ලැබී ඇත්තේ පාසල් 16 කින් පමණක් බවද කපිල පෙරේරා මහතා පැවසීය.

මේ තත්ත්වය⁣ට හේතුව ගුරු විදුහල්පතිවරුන්ගගේ වෘත්තීය ක්‍රියාමාර්ගය බව ලේකම්වරයා සදහන් කරයි.ඒ නිසා මෙතෙක් විභාග සඳහා ඇදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස යම් වැඩපිළිවෙළක් සකස් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙන බවද බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here