තවත්
    මුල් පිටුවදේශීය පුවත්නාඩු වී කිලෝව රුපියල් 05 කින් ඉහළට

    නාඩු වී කිලෝව රුපියල් 05 කින් ඉහළට

    නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් පහකින් වැඩි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    මේ වන විට පවතින නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 50 කි. ඒ අනුව නාඩු වි කිලෝවක ගැනුම් මිල රුපියල් 55 දක්වා ඉහළ යනු ඇත.

    නාඩු වී මිල ඉහළ දමන ලෙස වී ගොවීන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියේය. පසුගිය දා රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් පොළොන්නරුවේ කළ සංචාරයේදීද වී ගොවීන් ඉල්ලා සිටියේ අඩුම තරමින් රුපියල් 5 කින් වත් නාඩු වී කිලෝවක මිල ඉහළ දමන ලෙසය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img