තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගැඹුරු මුහුදේ මත්කුඩු ජාවාරම්කරුවා ගැන හෙළිදරව්වක්

    ගැඹුරු මුහුදේ මත්කුඩු ජාවාරම්කරුවා ගැන හෙළිදරව්වක්

    පකිස්තානයේ සිට බහුදින යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබියදී නාවික හමුදාව විසින් ඉකුත් සෙනසුරාදා ගැඹුරු මුහුදේදී ඉරාන් ජාතිකයන් 09 දෙනෙක් සමග අල්ලාගත් හෙරොයින් කිලෝ 160 ඩුබායි හී රැදී සිටින බත්තරමුල්ලේ සංජු නැමැති අපරාධකරුට අයත් බව මේ වන විට හෙළිවෙමින් තිබේ.

    කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට එල්ලකල ප්‍රහාරයකින් ඝාතනය වූ සමයං නැමැත්තාගේ ප්‍රතිවිරුද්ධ පාතාල පාර්ශවය නියෝජනය කරන්නෙක් වූ සංජු නැමැත්තා කලු සාගර නැමැත්තාගේ ගෝලයෙකි. පොලිස් විශේෂ කාර්ය බලකාය පන්නමින් සිටියදී කලු සාගර නැමැත්තා සිය ගෝලබාලයින් සමග රටින් පළා ගිය අතර දැන් ඔවුන් ඩුබායි හී රැදී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටී. හෙළිවෙමින් ඇති ආකාරයට අනුව සංජු නැමැත්තාට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නේ කිරුලපොන මොරිල් නැමැති ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු සමග එක්වය. අන්නාසි මොරිල් යැයිද කියා හදුන්වන මෙම ජාවාරම්කරුද රැදී සිටින්නේ ඩුබායි හීය. මත්කුඩු ආරවුලක් හේතුවෙන් මාකදුරේ මධුෂ් ඩුබායි පොලීසිය හසුකර දෙන්නේද ඔහුගේ සැළසුමකට අනුවය.

    ගැඹුරු මුහදේදී නාවික හමුදාව මෙයට පෙර අල්ලාගත් මොහොමඩ් සිද්ධික්ට අයත් හෙරොයින් කිලෝ 336 ත් මෙම හෙරොයින් තොගයත් බහුදින යාත්‍රා දෙකට පකිස්තානයේදී පටවා ඇතැයි කියැවෙන්නේ ඉකුත් 12 වෙනිදාත් 10 වෙනිදාත් අතර කාලය තුළදීය. මෙම යාත්‍රා දෙකම පකිස්තානයෙන් පිටත්වන විට මඩකලපුවේ සේවයේ නිරතව සිටින පොලීසියේ නිලධාරියෙකුට සිය ඔත්තුකරුවෙකුගෙන් තොරතුරු ලැබී ඇති බව කියයි. ඒ අනුව ඔහු සිය උසස් නිලධාරීන් හරහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත්කර තිබේ. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නාවික හමුදාව සමග එක්ව මෙහෙයුමත් දියත්කර ඇති අතර යාත්‍රා දෙකම අල්ලාගෙන එකවර ගොඩබිමට රැගෙන ඒම සැළසුම වී තිබුණි. එහෙත් හෙරොයින් කිලෝ 336 ප්‍රවාහනය කරමින් තිබුණු යාත්‍රාව අල්ලා ගෙන දෙවැනි යාත්‍රාවට ඇස ගසාගෙන දින කිහිපයක් සිටියදී මෙහෙයුමට සම්බන්ධව සිටි පොලිස් නිලධරියෙකුට හෘදයාබාධයක් හටගෙන ඇති බැවින් අල්ලාගත් යාත්‍රාව රැගෙන ගොඩබිමට පැමිණිමට සිදුව ඇත.

    හෙරොයින් කිලෝ 160 ක් අඩංගු යාත්‍රාව මෙතෙක් ගොඩබිමට රැගෙනවිත් නැත. ලබන 17 වෙනිදා වන විට ගොඩබිමට රැගෙන ඒමට හැකිවනු ඇතැයි විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img