තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ජාවාරම්කරුවන්ගේ වැඩක්දැයි සැකයක්

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ජාවාරම්කරුවන්ගේ වැඩක්දැයි සැකයක්

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මැකීයාම ඖෂධ ජාවාරම් කරුවන්ගේ ක්‍රියාපිළිවෙතේ කොටසක් වියහැකි බව නීතිපතිවරයාවෙනුවෙන් අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නියෝජ්‍ය පොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය.

    ඒ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් කෙරන පරීක්ෂණයට අදාලව අධිකරණයට කරුණු දක්වමිණි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන යාමේ වගකීම ‘එපික් ලංකා’ නැමති පෞද්ගලික සමාගම විසින් වසර පහක කාලයක් සඳහා භාර ගෙන තිබූ බව මෙන්ම අදාළ ආයතනය සිය වගකීම නිසිපරිදි ඉටු කිරීම පැහැර හැර ඇති බව අධිකරණය හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

    ඇතැම් ඖෂධ සමාගම් එකම ඹෟෂධය විවිධ නම්වලින් ආනයනය කරන බව මෙන්ම දත්ත මැකීයාම හේතුවෙන් ඖෂධ සමාගම්වලට තමන්ට අවශ්‍ය පරිදි ඖෂධවල මිල ගණන් නියම කිරීමේ හැකියාවක් මේ තුළින් මතුව ඇති බවද ඔහු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img