තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පසුගිය වසරේ ෆෝන් ගෙන්වූ වියදම ඩො.මිලියන 400 පන්නලා

    පසුගිය වසරේ ෆෝන් ගෙන්වූ වියදම ඩො.මිලියන 400 පන්නලා

    ශ්‍රී ලංකා මහබැංකුව විසින් පසුගියදා ‍ජංගම දුරකතන ඇතුළුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 623කට ආනයනයේදී දැඩි කොන්දේසියක් පැනවීමත් සමඟ මෙරට තුළ ජංගම දුරකතන ඇතුළු ඒ ආශ්‍රිත භාණ්ඩවල සීඝ්‍ර මිල ඉහළයාමක් සිදුවනු ඇති බවට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

    මෙම භාණ්ඩ ආනයනයේදී 100%ක ක තැන්පතුවක් තැන්පත් කිරීම හා මෙම භාණ්ඩ සඳහා ණය ලබානොදීම ආදී කොන්දේසි හේතුවෙන් ආනයනය සීමා වීම නිසා රට තුළ මෙම භාණ්ඩ හිඟයක් මතුවීමට ඉඩ තිබීම මෙම මිල ඉහළ යාමට හේතුවයි.

    විදේශ සංචිත අර්බුදය හේතුවෙන් රටින් පිටට ඩොලර් ගලායාම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම පියවර ගත් බව රජය පෙන්වා දී තිබුණි.

    කෙසේවෙතත් මෙම පියවර ගැනීමට හේතුවූ කරුණ සළකා බැල‍ීමේදී පසුගිය වසරේදී පමණක් ශ්‍රී ලංකාවට ජංගම දුරකතන, රැහැන් රහිත සන්නිවේදන උපකරණ ආදිය ආනයනය සඳහා මෙරටින් පිටතට ගලාගොස් ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 407.58කි.

    ඒ අනුව පසුගිය වසරේදී මෙරටට ජංගම දුරකතන, ටැබ්, ස්මාට් වොච් හා ඒ ආශ්‍රිත සන්නිවේදන උපකරණ හා කොටස් ටොන් 1490ක් ආනයනය කර ඇති බව සඳහන් ය.

    ශ්‍රී ලංකාව මූලිකවම මෙම ජංගම දුරකතන ආනයනය කරනු ලබන රටවල් වන්නේ වැඩිම අගයේ සිට පිළිවෙළින් චීනය, වියට්නාමය, ඉන්දියාව, සිංගප්පූරුව, අමෙරිකාව ය.

    2020 දී ශ්‍රී ලංකාව විසින් ආනයනය කරන ලද සන්නිවේදන භාණ්ඩ ලැයිස්තුව අතර දුරකථන කට්ටල, සෙලියුලර් ජාල සඳහා හෝ වෙනත් රැහැන් රහිත ජාල සඳහා දුරකථන, හඬ, රූප හෝ වෙනත් දත්ත සම්ප්‍රේෂණය කිරීම හෝ ලබාගැනීම සඳහා වූ වෙනත් උපකරණ ඇතුළුව රැහැන් සහිත හෝ රැහැන් රහිත ජාලයක සන්නිවේදනය සඳහා වූ උපකරණ හා එහි කොටස් ඇතුළත් වේ. ඒ අනුව ජංගම දුරකතන හා අලුත්වැඩියා වෙනුවෙන් ආනයනය කෙරෙන කොටස් ද මීට අයත් ය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img