Home උණුසුම් පුවත් මත්කුඩු කිලෝ 160ක් එක්ක විදේශිකයෝ පිරිසක් අත්අඩංගුවට

මත්කුඩු කිලෝ 160ක් එක්ක විදේශිකයෝ පිරිසක් අත්අඩංගුවට

0
මත්කුඩු කිලෝ 160ක් එක්ක විදේශිකයෝ පිරිසක් අත්අඩංගුවට

පාකිස්තානයේ සිට බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි හෙරොයින් කිලෝ 160 ක පමණ ප්‍රමාණයක් සමග ඉරාන් ජාතිකයෝ නම දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මඩකලපුව පොලිසිය සහ නාවික හමුදාව එක්ව කළ විශේෂ වැටලීමකදී සමත්ව ඇත.

දින ගණනාවක් පුරාවට කරන ලද මෙහෙයුමකින් අනතුරුව එම හෙරොයින් තොගයේ සමග මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන මේ වන විට ගොඩබිමට රැගෙන එමින් ඇත.

උර හයක පැකට් 150ක් එහි හෙරොයින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මාලදිවයිනට ආසන්න ගැඹුරු මුහුදේ දී මෙම හෙරොයින් තොගය සමග යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාවේ නෞකා එම බෝට්ටුවට කිට්ටු වන අවස්ථාවේදී එහි තිබූ තවත් හෙරොයින් තොගයක් මුහුදට විසි කරන්නට ඇතැ යි විශ්වාස කෙරේ. ඒ එම යාත්‍රාවේ හෙරොයින් කිලෝ දෙසිය පනහකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බවට මඩකලපුව පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකුට තොරතුරු ලැබී තිබුණු බැවිනි.මෙම වැටලීම කරන්නේද එම තොරතුරට අනුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here