නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 69,288 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
ඊයේ (11) අලුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 639 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය පවසයි.
ඒ කාලය තුළ පොලිස් භාරයට ගත් වාහන ගණන 40 කි.