තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන්ජන්ට අනිද්දා නිදහස!

    රන්ජන්ට අනිද්දා නිදහස!

    සිරකරුවන්ගේ ජාතික දිනය යෙදෙන අනිද්දා දිනයේ දී සිරදඬුවම් ලබා සිටින, කලාකරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව හිමි වෙතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ පිළිබඳ ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

    “සිරකරුවන්ගේ ජාතික දිනය සැප්තැම්බර් 12 වැනිදාට යෙදී තිබේ. එදිනට

    ජනතාවාදී කලාකරුවකු මෙන්ම,ජනහිතකාමී දේශපාලනඥයකුද වන අප හිතවත් රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි මා අපේක්ෂා කරමි.ඒ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුවෙතැයි සිතමි.”

    මේ අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද පසුගිය 6 වැනිදා රංජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. රන්ජන් රාමනායකගේ දේශපාලන භාවිතය පිළිබඳව ප්‍රශ්නයක් ඇතිමුත් ඔහුට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව ලොකු අකමැත්තක් මෙරට ජනතාව තුල නොමැත. ඔහුගේ ලිංගික ක්‍රියාකාරකම් ඔහුගේ පුද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්නයකි. නමුත් ඔහු මිනීමරුවෙකු හෝ දූෂකයෙකු බව සඳහනක් නොමැත. බොහෝ අපරාඅපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් පාතාලයින් ජනාධිපති සමාව යටතේ නිදහස් කොට ඇත.

    Leave a Reply to Lalith AsokaCancel reply

    spot_img
    spot_img