Home COVID මෙරට කොවිඩ් ආසාදන 95.8%ක්ම ඩෙල්ටා

මෙරට කොවිඩ් ආසාදන 95.8%ක්ම ඩෙල්ටා

මෙරට කොවිඩ් ආසාදන 95.8%ක්ම ඩෙල්ටා

ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් -19 ආසාදනවලින් 95.8% කට ඩෙල්ටා ප්‍රභේදය වගකිව යුතු බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සෛල ජීව විද්‍යා ඒකකය නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබේ.

එබැවින් COVID-19 පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී සඳහා ලංකාවේ විවිධ පළාත්වල විවිධ SARS-CoV-2 ප්‍රභේද වල ව්‍යාප්තිය සොයා බැලීම වැදගත් බව ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අණුක හා අණුක වෛද්‍ය විද්‍යාවේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය නීලිකා මාලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු මෙම ඒකකයේ පර්යේෂකයන් විසින් ශ්‍රී ලංකාවේ පළාත් 9න් ලබාගන්නා ලද සාම්පල 881 කින් විස්තාරණය කරන ලද නියැදි 618ක් ඔස්සේ මේ බව සනාථ කරගෙන තිබේ.

විවිධ SARS-CoV-2 ප්‍රභේදවල ව්‍යාප්තිය පිළිබඳව පරීක්‍ෂා කිරීමෙන් පසුව, එම ඒකකයේ පර්යේෂකයින් මේ බව තහවුරු කරගෙන ඇත.

ඉන් 592ක්ම ඩෙල්ටා ප්‍රභේදය වන අතර 25ක් ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය බවට සොයගෙන ඇත.

ලබාගත් සාම්පල මත පදනම්ව මෙම පර්යේෂණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ව්‍යාප්තිය 84% සිට 100% දක්වා පැතිර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here