තවත්
    මුල් පිටුවCOVIDඅමෙරිකානු ජනපතිත් හදිසි නීතියක් ගෙනෙයි

    අමෙරිකානු ජනපතිත් හදිසි නීතියක් ගෙනෙයි

    අමෙරිකාවේ පිහිටි සේවකයින් 100 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සියලුම ආයතනවල අවම වශයෙන් සතියකට වරක්වත් තම සේවකයින්ට පූර්ණ එන්නත ලබා දී ඇති බවට හෝ කොවිඩ් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට එර‍ට කම්කරු දෙපාර්තමේන්තුව හදිසි නීතියක් සකස් කරමින් සිටී.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ මෙම ඉල්ලීම ඇතැම් සමාගම් දැනටමත් මෙම පියවර ගන්නා අතර ඇතැම් සමාගම් මේ පිළිබද නීති සකස් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටි බවයි.

    යුනයිටඩ් එයාර්ලයින්ස්, ඩිස්නි, ටයිසන්ස් ෆුඩ් , ෆොක්ස් නිව්ස් ආයතන පවා මෙම පියවර දැනටත් ක්‍රියාත්මක කරන බව බයිඩෙන් පවසා ඇත.

    මෙය එන්නත්කරණය කරන ලද සේවකයන් එන්නත්කරණය නොකළ සේවකයින්ගෙන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක බව ද හෙතෙම කීය.

    “අපි ඉවසුවා. නමුත් අපේ ඉවසීම දැන් පහව ගොස් තියෙන්නේ. ඔබ එය ප්‍රතික්ෂේප කිරීම නිසා අපි සියලු දෙනාටම වන්දි ගෙවන්නට සිදුවෙලා” ජනාධිපති ජෝ බයිඩෙන් මේ බව අවධාරණය කර ඇත්තේ කොරෝනා වයිරස් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ මිලියන සිය ගණනක් වූ ඇමරිකානුවන්ට ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img