තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සල්ලි නිසා ඖෂධ දත්ත ඕනකමින් මකලා - තවත්‌ තතු රැසක් එළියට

    සල්ලි නිසා ඖෂධ දත්ත ඕනකමින් මකලා – තවත්‌ තතු රැසක් එළියට

    ආර්ථික ලාභ මුල් කරගනිමින්කරගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත උවමනාවෙන්ම මකා දමා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවන විට අනාවරණය කරගෙන තිබේ .

    දිගින් දිගටම ඔවුන් මෙම කටයුත්තේ නිරතව සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත.

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය අයත් එම දත්ත පද්ධතිය පවත්වාගෙන යන සමාගම විසින් අකටයුත්ත කර තිබේ. ලියා පදිංචි වී සිටින ඇතැම් ඖෂධ සමාගම් වල පවා දත්තයන් විටෙන් විට වෙනස් කරමින් එම සමාගම්වල සමාගම් වල සමාගම්වල ඉතිහාසය හොඳම හොඳ බව පෙන්වීමට පවා කටයුතු කර තිබෙන බව විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.මෙම සමාගම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගනු ලබන්නේ ඔහුගේ අනුදැනුම ඒ සඳහා තිබුණු බව පෙනී ගිය නිසා බව උසස් පොලිස් නිලධාරීන් සඳහන් කළේය. මෙසේ දත්ත වෙනස්කරමින් අලුත් දත්ත එකතු කරමින් නීතිවිරෝධී ලෙස කටයුතු කළ මෙම සමාගමේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img