තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැතිගේ ඉතාලි සංචාරය තුළ පාප් වහන්සේ හමුවන කතා බොරු

    අගමැතිගේ ඉතාලි සංචාරය තුළ පාප් වහන්සේ හමුවන කතා බොරු

    ඉතාලියේ සංචාරයකට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

    බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

    මෙම නිවේදනය නිකුත් කිරීමට පදනම් වී තිබුණේ අගමැතිවරයාත් විදේශ කටයුතු අමාත්‍යවරයාත් වතිකානුවට ගොස් අතිඋතුම් පාප්වහන්සේ හමුවී පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ රජයේ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කරන්නට යන බවට පුවත්පතක පළවී තිබූ පුවතකි.

    එම පුවත උපුටා දක්වමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ අද මාධ්‍ය හමුවේ පැවසුවේ මෙම ගමන සත්‍ය යටගැසීමේ ප්‍රයෝගකාරී ගමනක් බවත් මෙම උත්සහය හෙළාදකින බවත් තම පාර්ශ්වයේ මතය ජාත්‍යන්තරයට දන්වා ඇති බවත් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img