“වනයේ ගිජිදාය
දුටුවොත් වනසාය
ළිඳෙන් පනිඳාය
වැටුණේත් ඌ කාය
අතකින් කරවැලකි
අතකින් අඬුවැල් බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය”
‘ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීම සඳහා මුදල් පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද පැවැති විවාදයට එක්වෙමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සිය අදහස් දැක්වීම ආරම්භකරන්නට යෙදුනේ එම පැරණි කියමන ගෙනහැර දක්වමිණි.
එම යෙදුමෙන් තමා සදහන් කරන්නට යෙදුනේ ශ්‍රී ලංකාවත් සමස්ත ජනතාවත් මේ මොහෙතේ මුහුණපා ඇති තත්වය බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මුලින්ම සදහන් කරන්නට විය.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විවාදයට එක්වූයේ කොවිඩ් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වියදම් කළ මුදල් ප්‍රමාණයත් මෙතෙක් ලද එන්නත් ප්‍රමාණයත් ඒ වෙනුවෙන් ගෙවූ මුදල් ප්‍රමාණයන් මෙන්ම ත්‍යාගයන් ලෙස කොවැක්ස් පහසුකම් යටතේ චීනෙන් ඉන්දියාවෙන් ලැබුණු වැක්සීන් ප්‍රමාණයන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ප්‍රශ්නයකටද පිළිතුරු ලබාදෙමිණි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේද සදහන් කළේය.
“අපේ රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාන්න වෙලා තියෙනවා. ඒ සදහා විසදුම් සොයන්න මං හිතන්නේ මේ අවස්ථාවේදි සමස්ත රජය හැටියට පමණක් ක්‍රියාකරනවා වගේම විපක්ෂයේ සහයෝගය ඇතිව මේ කටයුත්ත කළ යුතුව තිබෙනවා.”
“විශේෂයෙන්ම කොවිඩ් වසංගත කාලය තුළ, මේ වර්ෂයේ පමණක් අද වෙනකොට අපිට ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500 ත් 1600 ත් අතර ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා. හිටපු අගමැතිතුමත් ඇහුවා, මට වගකීමෙන් කියන්න පුළුවන් අපිට ලැබිච්ච වැක්සීන් වලින් සියයට 80 ක් ලැබුනේ සල්ලි වලට ඒවට මුදල් ගෙවීමක් සිද්ධ වෙනවා. සිද්ධ වෙලත් තියෙනවා.
ආදායම අඩුවෙලා තියෙනවා වියදම් වැඩිවෙලා තියෙනවා. ඉතින් මේ නිසා අපි නව මාර්ග වලට අනිවාර්යෙන්ම අවතීරණ වෙන්න ඕනේ.”
“පසුගිය රජයන් කාලවල, එක රජයකින් නෙමෙයි හැම රජයකින්ම අරන් තියෙනවා. ඒකේ ප්‍රතිශතය ගැන මම කථාකරන්නේ නැහැ. මොකද එතකොට සමහර විට ඒක දේශපාලන විග්‍රහයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ණය වාරිත අපිට අනිවාර්යෙන්ම ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ණය වාරික එකක්වත් අපි අතහැරල නැහැ. පුළුවන් තරම් අපි තැන්පත් අඩුවුනයි කීවට ඒ සමගම අපි තිබිච්ච ණය බර වලින් අඩුකරලෙන තියෙනවා.”