
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම අමාත්‍ය සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරයා ලෙස පත් කිරීම පිළිබඳව සංසරණය වන මාධ්‍ය වාර්තා පිළිබද රජය අද පැහැදිලි කර තිබේ.
ඒ පිළිබද රජය තවම අවසන් තීරණයක් ගෙන නැතැයි අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාට ජාත්‍යන්තර ආයතතනයක නව තනතුරක් ලැබීමට නියමිත බැවින් පුරප්පාඩු වන ධුරය සදහා කබ්රාල් මහතා පත්කෙරෙනු ඇති බවට ද එම වාර්තාවල පළවිය.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ එම පුවත තහවුරු කළ හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි බවය.