Home උණුසුම් පුවත් බන්ධනාගාරවල ඉන්න පුළුවන් ගානට වඩා රැඳවූවන් 3 ගුණයක්

බන්ධනාගාරවල ඉන්න පුළුවන් ගානට වඩා රැඳවූවන් 3 ගුණයක්

බන්ධනාගාරවල ඉන්න පුළුවන් ගානට වඩා රැඳවූවන් 3 ගුණයක්

මෙරට බන්ධනාගාර පද්ධතියේ රඳවා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් ඇති සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක් දැනට රඳවා සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

එබැවින් ජාත්‍යන්තරයෙන් ඊට දැඩි විවේචන එල්ල වී ඇති බව හෙතෙම කියාසිටියේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීමට ඊයේ පැවැති සාකච්ඡාවේදීය.

දැනට රට තුළ ඇති බන්ධනාගාර පද්ධතියේ රඳවා ගැනීමේ පහසුකම් ඇත්තේ රැඳවූවන් 11,000කට පමණක් බව හෙතෙම කියාසිටී.

එබැවින් බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවේ ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් බව හෙතෙම අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here