තවත්
    මුල් පිටුවදේශීය පුවත්හදිසි නීතිය වැඩි ඡන්ද 81 කින් සම්මතවේ

    හදිසි නීතිය වැඩි ඡන්ද 81 කින් සම්මතවේ

    කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හමුවේ අසරණ වී සිටින ජනතාව පීඩනයට පත්කරමින් සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සගවාගෙන මිල වැඩි කිරීමට එරෙහිව ක්‍රියාත්මක වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් අත්‍යවශ්‍ය සේවා සඳහා පැනවුණු හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදි වැඩි ඡන්ද 81 කින් සම්මත විය.

    ්‍හදිසි නීති රෙගුලාසි යෝජනාව පිළිබඳ විවාදය උදේ 10:30 ට ඇරඹුණු අතර ඡන්ද විමසීම සවස පැවැත්විණි.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බවය. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාව වැඩි ඡන්ද 81කින් සම්මත විය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img