තවත්
    මුල් පිටුවCOVIDකොළඹ ඉන්න 20ට වැඩි අයටත් කොවිඩ් එන්නත ඇරඹේ

    කොළඹ ඉන්න 20ට වැඩි අයටත් කොවිඩ් එන්නත ඇරඹේ

    කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන අවුරුදු 20ට වැඩි පුද්ගලයින් සඳහා හෙට සිට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කෙරේ.

    ඒ අනුව කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශයේ එම වයස් ඛාණ්ඩයේ අයට හෙට සිට එන්නත් ලබාගත හැකිය.

    සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රය, ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ෆෝබ්ස් මාවතේ ප්‍රජා ශාලාව, කැම්බල් පාක්, ශාලිකා ශාලාව සහ රොක්සි උද්‍යානය මෙසේ එන්නත් කරනු ලබන ස්ථාන ය.

    උදෑසන 9 සිට පස්වරු 3 දක්වා එන්නත්කරණය සිදුකරන අතර ඉදිරියේදී අඛණ්ඩව එන්නත් කරන බැවින් රැස්වීමට කලබල නොවන ලෙස ද දන්වා සිටී.

    ෆෝබ්ස් මාවතේ, ශාලිකා ශාලාව සහ රොක්සිි උද්‍යානයේ එන්නත් මධ්‍යස්ථාන සඳහා ඊචැනලින් ඔස්සේ ද වෙලාවක් වෙන්කරවා ගත හැකි අතර එම සේවාව පස්වරු 6න් පසු සක්‍රිය කෙරෙනු ඇත.

    දින කිහිපයකට පෙර අවුරුදු 20 ට වැඩි අයට එන්නත් කිරීම රට තුළ ආරම්භ කළ අතර ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img