Home උණුසුම් පුවත් ද. අප්‍රිකාවට එරෙහි පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්

ද. අප්‍රිකාවට එරෙහි පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්

0
ද. අප්‍රිකාවට එරෙහි පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 14 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09 ක් දැවී ලකුණු 300 ක් රැස්කර ගත්තේය.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 118 ක් රැස්කර ගත්තේය. එය ඔහුගේ තුන්වැනි එක්දින ශතකය ලෙස වාර්තතා පොත්වලට ඇතුලත් විය.

එසේම චරිත් අසලංකද අද ලකුණු 72 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.

පිළිතුර ඉනිම වෙනුවෙන් ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයට පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට පන්දුවාර 50 අවසානයේදී රැස්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ලකුණු 286 ක් පමණි. ඒ කඩුලු පහක් දැවීය.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු දෙකක් බිඳහෙලීමට සමත්විය.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මේ වන විට තරග 1 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here