කොවිඩ් මර්දනය සඳහා සමස්ත ජනගහනය පූර්ණ එන්නත්කරණයට ලක් කළ පසුව ප්‍රතිශක්තිකරණය නැංවීමේ අතිරේක මාත්‍රාව හෙවත් ‘Booster Shot’ එක ලබාදීමට හදිසි විය යුතු නැති බවට රෝග නිවාරණ හා පාලන පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය (ඊසීඩීසී) විසින් ඊයේ නිකුත් කරන ලද තාක්‍ෂණික වාර්තාවක දැක්වෙන්නේ වත්මන් පර්යේෂණවලට අනුව වඩා අවධානයය කළ යුත්තේ සමස්ත ජනගහනයටම එන්නත් මාත්‍ර්‍රා දෙකම ලබාදීම බවයි.
එමගින් අවශ්‍ය ආරක්ෂාව සැපයෙන බැවින් අතිරේකව ලබාදෙන තෙවැනි එන්නතකට යාමට ඉක්මන් නොවිය යුතු බවට ඔවුහු අවධාරණය කරති.
නමුත් දැඩි ලෙස දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති, බරපතළ සැත්කම් හෝ රෝගාබාධ ආදිය නිසා විශේෂයෙන් සැළකිය යුතු පුද්ගලයින් සඳහා මූලික එන්නතෙහි කොටසක් වශයෙන් අතිරේක මාත්‍රාවක් ලබාදීම දැනටමත් සලකා බැලිය යුතු බව ද වාර්තාවේ සඳහන් වේ.
එන්නත ලබාදිය හැකි සෑම වයස් ඛාණ්ඩයම ආවරණය කරමින් සමස්ත ජනගහනයම පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට අවධානයට යොමු කළ යුතු බවට මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.