තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ ඖෂධ විවේචන සජබයේ සැලැස්මක්!

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ ඖෂධ විවේචන සජබයේ සැලැස්මක්!

    රට තුළ ක්‍රියාත්මක වන කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සහ ඖෂධ නියාමනය, දේශීය ඖෂධ නිෂ්පාදනය යනාදි කාලීන ප්‍රවණතා පිළිබඳ රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන් ලවා අසත්‍ය කරුණු සහිත විවේචන සිදුකරමින් ජනතාව නොමඟ යැවීම පිටුපස සමගි ජනබලවේගය සිටින්නේද යන්න පිළිබඳ සමාජ ජාල ඔස්සේ ජනතාවගේ දැඩි කතාබහට, විමසුමට ලක්ව තිබේ.

    ඊට ආසන්නතම හේතුව වී ඇති සිද්ධිය වනුයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් දේශීය ඖෂධ නිෂ්පාදනය සහ කොරෝනා මර්ධන වැඩපිළිවෙල පිළිබඳ පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශ පිළිබඳ ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ කැඳවීමක පසුව වූ සිද්ධියකි.

    එනම් වෛද්‍යවරයාගේ නොපැමිණීම පිළිබඳ කරුණු දැක්වීමට ගොස් තිබුණේ සමගි ජන බලවේගයේ නීති ලේකම්, ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා වීමය.

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොරෝනා රෝගය වැලදී සිට සුවවූ බැවින් පශ්චාත් සංකූලතා පවතින අවධියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිය නොහැකි බැවින් දින 14කට පසු වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් නීතිඥවරයා ඉල්ලා තිබුණි.

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට පසුගියදා සහභාගී වී තිබූ වැඩසටහනකදී ඖෂධ නිෂ්පාදනය හා කොවිඩ් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ පිළිබඳ ලද පැමිණිල්ලට අනුව මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා විය.

    ඒ වෛද්‍යවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට සමගි ජනබලවේගයේ නීතිලේකම්වරයාගේ පැමිණීම සමාජ ජාල තුළ කතාබහට තුඩුදී ඇත. ජයරුවන් බණ්ඩාර මහතාගෙග් මෙම ‍විවචෙනාත්මක අසත්‍ය යැයි කියන කරුණු දැක්වීම්වල පසුපස සැලසුම්සහගත දේශපාලන බලපෑමක් පවතින බවට දිස්වන්නේ යැයි චෝදනා ද එල්ල වෙමිනි.

    පසුගියදා මෙලෙසම මෙරට කොවිඩ් වැඩපිළිවෙළ හා ඖෂධ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයකු මෙන්ම පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

    විවේචනාත්මක කරුණු අඩංගු වෛද්‍යවරයාගේ ප්‍රකාශ ඖෂධ නිෂ්පාදන, නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය මගින් ප්‍රතික්ෂේප කරමින් කරුණු දක්වා තිබූ අතර වෛද්‍යවරයාගේ ප්‍රකාශය තුළ හැඟවූ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනකුගේ අත්සන් ද සහිතව රාජ්‍ය අමාත්‍යවරයා පහත ලිපිය සිය සමාජ ජාල ගිණුම ඔස්සේ මුදාහැර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img