තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජ කාලේ තැනූ මඟුල් මහා සෑයත් නිධන් හොරු හාරලා

    රජ කාලේ තැනූ මඟුල් මහා සෑයත් නිධන් හොරු හාරලා

    සිතුල්පව්ව පූජා භූමියේ පිහිටි රජ සමයේ ඉදිකරන ලද පරිවාර චෛත්‍යක් වන මගුල් මහා සෑය ඊයේ රාත්‍රියේ නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.

    සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් කැලෑ මාර්ග ඔස්සේ පැමිණ ඊයේ රාත්‍රියේ යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් චෛත්‍යය ගර්භයේ සිදුරු කොට මෙම නිදන් සොරකම සිදු කොට ඇත.

    අනතුරුව එම නිධන් සොරුන් සිදුරු කළ ස්ථානය ස්ථානයේ Plaster of Paris යොදා නැවත පිලිසකර කර තිබීම ද විශේෂිතය.

    පරිවාර චෛත්‍ය දෙසින් රාත්‍රී කාලයේ බිත්ති සිදුරු කරන යන්ත්‍රයක ශබ්දය ඇසී සිතුල්පව්ව රජමහා විහාරස්ථාන භූමියේ ආරක්ෂාවට යොදවා සිටින පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ. එහිදී යම් පිරිසක් ඔහුව රැගෙන පැමිණි භාණ්ඩ අතහැර කැලෑවට පලා ගොස් ඇත.

    එහිදී හමුදාව සහ පොලිසිය රාත්‍රිය පුරා කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස එක් සැකකරුවෙකු කැලෑවේ සැඟවී සිටියදී අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මෙම සැකකරු දෙබරවැව පදිංචි කරුවෙක් බව පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.ඔහු සමඟ තවත් තිදෙනෙක් පැමිණ ඇති බවත් ඒ අය දෙබරවැව සහ යෝධකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබේ.

    සෆාරි ජීප් රථයකින් චෛත්‍යය පිහිටි ස්ථානයට යාබද තැනකට පැමිණ ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    දෙබරවැව පදිංචි බුලත් ව්‍යාපාරයක නිරතව සිටින පුද්ගලයෙක් මෙම නිදන් නිදන් සොරකම සැලසුම් කර ඇති බව ද බවද අනාවරණය වී ඇත. එම පුද්ගලයා මේ වන විට පලාගොස් සැඟවී සිටින බව උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

    චෛත්‍යයේ ගර්භය හාරා Plaster of Paris වලින් එම ස්ථානය වසා ඇත්තේ නිධන් හැරීමක් සිදු වූ බවට කිසිවකුට සැකයක් ඇති නොවන ලෙස බව අත්අඩංගුගත් වට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර තිබේ.

    එම සැකකරු සඳහන් කර ඇත්තේ චෛත්‍යයේ ගර්භය සිදුරු කොට ගර්භයේ හෑරුව ද කිසිදු වටිනා කියන යමක් හමු නොවූ බවයි.

    මේ සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    මෙම චෛත්‍යය 1985 වසරේදි ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.

    සිතුල්පව්ව රජමහා විහාරයේ සිට මඟුල් සෑය දිස්වන අයුරු
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img